Back to Top

Category Archives: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට…….

මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි ඔබේ මනස පුපුරා යනු ඇතැයි මම අනුමාන කරමි.සැත්කම් පිහියත් ඔබේම මනසේ කොටසක් කරගෙන ඉතිරි කොටස එයින් විශ්ලේෂනය කිරීම මොනතරම් අනතුරුදායක මෙන්ම තීරනාත්මක කාර්යක්දැයි මම පැහැදිලි කරන්නට උවමනා නැති බව මම සිතමි.ආශ්‍රම භූමියේ කදුමුදුනතටම මම පැමින ඇත්තෙමි.කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස මත ඔබ නොබ ඇවිදිමින් “මම” දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.
– Pubudu Siriwansa

අප ජාතිය ආගම වැනි සංකල්ප සමහර තැන්වලදී ඉක්මවා යා යුත්තේ.. -දත්ත මිනිසා-

ප්‍රධාන මාවතේ දෙපසට විහිදෙන අතුරු මාවත් වැටී තිබුනේ තැනින් තැන පිහිටි විශාල තුරු ගොමු සෙවනේ ඉදිකොට තිබූ දැවමය කවාකාර මේසයන් හා ඒවායෙන්ම නිමකර තිබූ අසුන් වෙතටය.ආගිය තොරතුරු වලින් පිරුනු උනුසුන් හදුනා ගැනීම් වලින් යුත් අඩ හොරාවක් පමන ගතව යන්නට ඇත.මේ වන විට විවිධ ජාතීන් අතර අගන්තුකයන් හමුවකදී පවා පෙර කල මෙන් මුල්ම හමුවකදී වුවත් මහත් අපහසුවක් දැනෙන ආගන්තුක බවකින් තොර වූවාය. ලොකය මත මීට පෙර යුගයේ මහත් වලංගුව පැවති දුර හා කාලය පිලිබද සීමාවන් ටීටාවට පෙර පරම්පරාව සාර්තක ලෙස අවසන්කර තිබිනි. ලොව අන්කෙරවලේ සිටි අයෙකු පවා සජීවීව ත්‍රිමානව තමන් ලගට කැදවාගන්නට අවශ්‍ය වූවේ සරල හා සුලු වටිනා කමක් ඇති තාක්ශනයක් පමන වීම සාමාන්‍ය දෙයක් විය.කොටින්ම දරුවෙකු තම පෙර පාසැල් වියේදීම තමන් මූලිකව ලෝක පුර වැසියෙකු බවත් දෙවනුව තෙවනුව රට ජාතිය වැනි සංකල්ප වැදගත්වන බවත් තේරුම් ගන්නට අවශ්‍ය පරිසරය නිර්මානයවී තිබිනි.
ඉන්දියානු මිතුරිය තම වසර දස දහසක් පැරනි අතීත උරුමයේ වූ වටිනාකම් ලෝක ප්‍රවනතා සමග ගලපා ගනිමින් වර්ථාමානයට ගැලපෙන ලෙසට සාර්ථකව නිර්මානය කරගෙන ඇති අයුරු විස්තර කලාය.විවිධ වූ ආගමික සම්ප්‍රදයාන් පසු පස තිබූ සර්ව මිනිස් සත්‍යයන් හොදින් හදුනා ගමින් විද්‍යත්මක මානයන්ගෙන් යලිත් මැන බලමින් සාම්ප්‍රධායික ඉන්දියානුවා සාර්තක පෘතුවි වැසියෙකු ලෙසට දියුනු වූ ආකාරය පැහැදිලි කරන විට ඉතිරි අප සියල්ලෝ දැහැනකට සමවැදී මෙන් සවන්දෙනට වූවාය . රුසියානු තරුනිය අපූරු වදන් පෙලකින් තම මතය හකුලවා දැක්වූවාය. අප ජාතිය ආගම වැනි සංකල්ප සමහර තැන්වලදී ඉක්මවා යා යුත්තේ තම සමාජය තුල තවත් අතරමං වන්නට නොව වඩාත් යහපත් දියුනු භාවිතාවන් ජීවිතය තුලට කැදවා ගැනීම සදහයි. පාසැලේ දැන්වීම් පුවරුවක සටහන් කර තිබූ පාථයක් ඇය මෙලෙස පැවසුවාය.ලෝක පුරවැසියෙකු වන්නට ඔබ සූදානම් විය යුතුය.වසර දසදහසක් පුරා එකම තලය වූ මිනිස් වර්ගයා එකි නෙකා ගෙන් වෙන් කරන්නට සමත්වූ මහත් බාදකයන්වූ, පසුකරන්නට මහත් කාලයක් ගත වන විශාල සාගර බිහිසුනු කදුහෙල් තවදුරටත් අප එකි නෙකාට බාදා කරන යථාර්තයන් නොවේ…….
– Pubudu Siriwansa
Wednesday, July 04, 2012

පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා…

සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට පසුකාලීනව එකගවූවේ මිනිස් විවිධත්වය විචිත්‍ර ශිෂ්ථාචාර නිර්මානය වීමේ පදනම බව වටහා ගැනීමත් සමගය. ලෝකය පුරා ස්ථාන පහක පමන පිහිටා ඇති විසල් දත්ත ගබඩා වල මෙම මිනිස් දත්ත පිටපත් තැන්පත් කර තැබුවේ එහි හිමිකරුගේ සම්පූර්න නෛතික හා සදාචාරත්මක අයිතියට යටත්වය.ලෝකයේම මිනිස්ශ්‍රම අවශ්‍යතාවෙන් අතිමහත් ප්‍රතිශතයක්ම ස්වංක්‍රීය උපකරන වලට භාරවීමත් සමග පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය.
– Pubudu Siriwansa

දත්ත මිනිසා

අනතුරුව අප පිවිසුනේ දිගු අර්ධ කවාකාරලෙස වීදුරුවලින් තනා තිබූ කුටිය වෙතටයි. එකිනෙකා එම කවාකාර කුටියට ඇතුලුවනවාත් සමගම දෙපස බිත්තියේ ඔහු හෝ ඇය වෙනුවෙන්ම නිර්මානය වූ බහුමාධ්‍ය වැඩසටහනක් ඇරබේ. ටීටාවේ සැකැස්ම හා යහ පැවැත්ම ගැන කුඩා උපදෙස් වැඩසටහනකින් අනතුරුව ඉදිරි ශිෂ්‍ය කාලය තුලදී වඩාත්ම ලගින් ඇසුරු කරන්නට නියමිත මගේ කන්ඩායම හදුන්වා දෙන්නට පටන් ගත්තාය. ඔවුන්ගේ විවිධ ඡායාරූ හා පාසැල් කාලය පිලිබදව තොරතුරු දෙපසින් පලවන විටම ටීටාව තුලින් අප හතර දෙනා ශ්‍රවෘව එකිනෙකා හා සම්බන්ද කලාය.එකිනෙකාට සුබ පතාගැනීමෙන් අනතුරුව මෙම දර්ශන කුටිය අවසානයේ එකිනෙකා හමුවන්නට කථාබස් කර ගතිමු. සමවන්න.. අතපසුවීම පිලිබදව සමාව ඉල්ලමින්  මෙම කුටියේ ක්‍රියාකාර කම මදක් පැහැදිලි කලයුතුයැයි සිතන්නේ අතීතයට අයත් යමෙක් මෙය අහබුලෙස නෙත ගැ‍ටුන හොත් ඇතිවිය හැකි ව්‍යාකූලත්වය පිලිබදව සලකමිනි.
වර්ථමානයේනම් මෙම ආකාරයේ කුටි බොහෝ වෙළද සැල් වල පවා ඇත. එයින් කෙරෙනුයේ අමුත්තෙකු එයට ඇතුලු වූ මොහොතේ සිට එයින් පිටවන මොහොත දක්වා ඔහු වෙනුවෙන්ම ඇරබෙන බහු මාධ්‍ය දර්ශන පටයක් ඔහුගේ ගමන්වේගයට අනූව ඔහු සමගම ගමන් කිරීමයි. අදාල අය යම් මොහොතක නතර වුවහොත් එම දර්ශන තලයද ඔහුට සමාන්තරව නතර වේ.එහිදී නම් සිදුවන්නේ ඔහුගේ ටීටාව ඇසුරින් ඔහුව හදුනාගෙන ඔහුගේ රුචි අරුචි කම් අනූව සකස්වන නව වෙළද භ්‍යාන්ඩ පිලිබදව ශ්‍රවෘය හා දෘශ්‍ය ලෙස දැනුමත්කිරීම වැනි ක්‍රියාවකි.
මින් පසු ඇරබුනේ දත්ත උපකරන වල අතීත කථාන්දරයයි. මුලින්ම දත්ත සකසන සරල උපකරනවල සිට ක්‍රමයෙන් ඒවා දියුනු වූ ආකරය පෙනවන සටහන් පෙලකින් එය සමන්විත විය.උපකරන වලට අමතරව ඒවා සමග සම්බන්ද අයවලුන්ගේද ඡායා හා රූ සටහන් වලින් එවා සමන්විතව තිබුනි. එහිසදහන්ව තිබූ සියලුම පාහේ විද්වතුන් පිලිබදව බොහෝ විස්තර තිබිනි. අධ්‍යාපනය ලැබූ තාන්න මාන්න මෙන්ම තනතුරු පිබදව බොහෝ සෙයින් තොරතුරු සටහන්ව තිබුනි. 2011 කාලයට ඉහලින් සරල මිනිසෙකුගේ රුවක් සමග “දත්ත සකසන හා සංනිවේදන උපකරන අවකාශයේ පැහැදිලි හැරවුමක් සටහන් කල නිර්මානශිලී මිනිසෙකි” යනුවෙන් පමනක් සටහන්ව තිබිනි . එම සටහන සමග මදක් වැඩි කාලයක් මා ‍රැදී සිටිනිසාදෝ ටීටාව ඌනපූර්නයක් කලේය.”සමහර මිනිසුන් ගැන සටහනක් නොකිරීම ඔවුනට කරන අසාධාරනයක් වනවා සේම සමහරුන් පිලිබදව සටහන් කරන්නට යෑමම ඔවුනට කරන අසාධාරනයක් විය හැකියි. මම හිතන්නේ මෙ ඒවගේ අවස්ථාවක්.”
-Pubudu Siriwansa
December16,2011

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට………..

“වසර සියදහස් ගනනක් තිස්සේ විවිධාකාරවූ ආගමික නායකයින් මෙන්ම සමාජ සංවිධාන යහපත් සිතුවිල්ලක වටිනාකම ගැන මිනිස් වර්ගයා එකග කර ගන්නට ගත් උත්සාහයේ ප්‍රථිපලය ඉතාම අඩු ප්‍රතිශතයකට සීමා විනි. ටීටා පරිගණක යුගය සියල්ල වෙනස් කලේ මහත් වේගයකිනි. ඉතාම අවසනාවන්තම වූ අඩුම මිනිස් ප්‍රතිශතයක් හැරුන විට සියල්ලන්ටම යතාර්තය තවදුරටත් මග හැරිය නොහැකි කාලය එය ‍රැගෙන ආවේය. මිනිස් සිරුරක අසාමාන්‍ය ලෙස උෂ්නත්වය වැඩිවීම මැන ගන්නට “උණ ක‍ටුවක්” නිර්මානය කරගෙන තිබුනද මිනිස් මනසක අයහපත් සිතුවිලි ප්‍රමානය මැන ගන්නට උපකරනයක් නොතිබීම “යක්ෂයාට” මහත් අවකාශයක් නිර්මානය කරදී තිබිනි”. ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු කරතිබූ සටහන කිසිදිනක අමතක නොවුනු ඇත.පරිගණක භාවිතය මුල් යුගවලදී දෘඩ අකුරු පුවරුවක සීමිත ලබාදීම් සදහා පමනක් සංවේදී වී තිබූ පරිගණකය ඉතාසියුම් ලෙස මොලය තුල හට ගන්නා විද්‍යුත් රටාවන් වටහා ගන්නට දියුනුවීම පෘතුවිය මත අධ්‍යාත්මික විප්ලවයක් නිර්මානය කලාය. තවත් විචාරකයෙකු පවසා තිබුනේ ” අතීතයේ මිනිසුන් සිතුවේ විද්‍යාවේ දියුනුව මිනිසා අධ්‍යාත්මික අතින් වඩ වඩාත් පිරිහෙවන්නක් බවයි.ටීටා පරිගණකය සියල්ල වෙනස් කලේ හරිම අපූරු ආකාරයකටයි. සරලව පවසන්නේ නම් මිනිසාට මුනුන බලන්නට කන්නාඩියක් ලැබුනා සේම මනස බලන්නටත් කන්නාඩියක් ලැබී ඇතුවා සේය.” සමහර විටක අතීතයයේ සිටින යමෙකු මෙය කියවන්නේනම් යම් අපහසුතාවයකට පත්වන්නට ඉඩ ඇත.ලෝහ හා ප්ලාස්ටික් වලින් තැනු කැල්කියුලේටරයට හා රූපවාහිනියට වඩා මදක් දියුනු උපකරනයක් ලෙසට ඔවුන්ගේ ජීවිතවලට සමීපවතිබූ පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට සිතා ගන්නට බැරිවෙනු ඇත.
-Pubudu Siriwansa

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට………..

……………ගම්මාන හා විශාල වගා භූමීන්ගෙන් ගැවස ගත් තැනිතලා භූමිය මතින් වැටී ඇති මාවෙතහි ආරම්භයේ ඈතින් දිස්වූ කදුයාය පාමුලට ඔබ පැමිනෙන විටදී විශාල දැවයෙන් නිමවන ලද ආශ්‍රම භූමියට පිවිසුම් දොර‍ටුව හමුවනු ඇත.දෙපස පිහිටවා ඇති එම විශාල දැව කදන් දෙකෙහි එක් පසක “මෙතැනින් ඔබ ඇතුලුවන්නේ ඔබ තුලටය” කියාත් අනෙක් පස “කරුනාකර ඔබ ඔබ හැරෙන්නට වෙන කිසිවෙකු සොයා මෙහි නොපැමිනෙන්න” ලෙස සටහන්ව තිබෙනු දැකිය හැකි වනු ඇත. වසර සිය ගනනක් පැරනියැයි සිතෙන තරමේ විශාල වෘක්ෂයන් ගෙන් පිරුන මෙම ආශ්‍රම භූමියේ මද දුරක් ඉහලට නගින විට පලමුවෙන් හමුවනුයේ ගබඩා භාරකරුගේ කාර්යාලයයි. ඔබ ‍රැගෙන එනදැ අවම වන තරමට ඔහු ඔබට වඩාත් කැමති වනු ඇත………….
– Pubudu Siriwansa

ඉක්බිතිව අප බුද්ධියේ ‍තෝතැන්නට පිවිසුනෙමු (දත්ත මිනිසා)……..

තවත් මද වෙලාවක්ගත වෙන විට අප විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ ප්‍රධාන පිවිසුමවෙත ලගා විනි.අප බස් රථයේ වූ සහය නිලධාරිනිය දන්වා සිටියේ බීටව පැලද ගන්නා ලෙසත් බීටාව විසින් ලබා දෙන ශ්‍රව්‍ය උපදෙස් කෙරෙහි නිතරම අවධානයෙන් සිටින ලෙසත් අවට පරිසරයේ වන යම් යම් දැ විසින් බීටාව සමග එක්ව ලබ දෙන උපදෙස් පිලිබදවද කල්පනාකාරී වන ලෙසත්ය. අවසානයේ බස් රථයේ ප්‍රධානදොර‍ටුව අසලදී සියල්ලන්ටම සුබපතුම් පතමින් ඇය අපගෙන් සමුගත්තාය.
ජීවිතයේ ප්‍රථම වරට නිදහස් බුද්ධි අවකාශයේ දොරකඩට පැමින සිටින්නෙමි. සිත මහත් සතුටින් පිරී යන්නාසේ හැගන්නට විය. පාසැල්වියේදී බිද්ධි පරිනාමය විෂය යටතේ හැදැරූ දශක කිහිපයකට පෙර උසස් අධ්‍යපනය යනු ආඩම්බරය සදහා , උසස් ‍රැකියාවක් සදහා , කැපී පෙනීම සදහා වැනි ප්‍රාථමික කාරනා සදහා විනැයි කාරනය හදිස්සියේ මතක්වීමෙන් සිත තුල මද කනගා‍ටුවක් ඇතිවූයේ එවැනි දීර්ග කාලයක් පෘතුවි තලය මත බුද්ධි ගමන අවගමනය නොවුනේනම් මේ වන විට මිනිස් වර්ගයා මීට වඩා තෙගුනයක පමන ඉදිරියකින් සිටින්නට හැකිවනු ඇති බවට ඊලග පරිච්චේදය තුල විස්තරකර තිබූ බැවිනි. බස් රථ දොර‍ටුවෙන් බසිනවාත් සමග අමතර වෑයමනින් තොරව අප 50 කට ආසන්න පිරිස දෙදෙනා බැගින් වූ පෙලක ප්‍රධාන දොර‍ටුව දෙසට ගමන් කරන්නට වුනි.
මද කදුගැටයක් මත පිහිටි විශාල තැනිතලාවක් මත එය පිහිටා ඇත.සමාන්තර දුරකින් පිහිටි ඉම සලකුනු හැරෙන්නට වෙනත් කිසිදු බාදකයකින් එම භූමිය සෙසු ලෝකයෙන් වෙන්කර නොතිබුනාය. ඝන දැවයෙන් නිමකරන ලද ඉන්දියානු සාම්ප්‍රධායික තොරණකින් පිවිසුම් ස්ථානය පමනක් වෙන්කර දක්වා තිබිනි. එහි ඉහලින්ම මෙම ආයතනයේ නිලනාමයට යටින් භාවිත නාමය සදහන්ව තිබුනේ “බුද්ධියේ ‍තෝතැන්න” ලෙසය. එතැන් සිට මීටර සියයක් පමන වන තෙක් පිහිටා ඇත්තේ විශාල අර්ධ කවාකාර වීදුරු කුටියකි. පෙරකී පිවිසුම් දැව දොර‍ටුවත් එම වීදුරු කුටියත් අතර වන හිඩසෙහි දෙපසම පිහිටි විශාල දැන්වීම් පුවරුවල මෙසේ සටහන්ව තිබිනි.” ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. ඔබ පිවිසෙමින් සිටින්නේ පෘතුවි බුද්ධි ආකෘතියේ දෙවන තලයටයි.ඔබගේ පිවිසුම මෙවැනි උදාහරනයකින් පහදා දෙන්නට මම කැමැත්තෙමි.එනම් ඔබගේ පෘතුවි සංචාරය රසවත් කෑම වේලක් නම් හුදෙක් රසවිදින්නන්ගේ තත්වයේ සිට එහි “රෙසිපිය” හදාරන්නන්ගේ තත්වයට ඔබ පත්වෙමින් සිටී. කෙටි කලකින් “එය ” වඩාත් රසවත් හා ගුනවත් බව සදහා සංසෝදනය කරන්නෝ බවට ඔබලා පත්වීම මගේ ආදරනීය පැතුමයි. සැ.යු. ඔබේ ටිටාව නිවැරදිව පැලදගන්න. සම්පූර්නයෙන් සංක්‍රීයව තබා ගන්න. ස්තුතියි. මම ටීටා”
– Pubudu Siriwansa

තරු මිනිසා -පෙරවදනක්

“තරු මිනිසා” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් මුල් දින දෙක තුන ඉක්මවන විට ස්වංතීර්නය මතම මෙතනින් පලා යන්නට සිත්වන තරමේ සියුම් දහම් රිද්මයක් ගැවසගත් ආශ්‍රම භූමියක සිට බව සටහන් කල යුතුය.
මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.
මේ මනරම් පරිසරයේ සිට ගැබුරු ගුප්ත වනාන්තරය අභ්‍යන්තරයේ සැගවගත් බොහෝ දේ මට ඔබට කීමට හැකිවනු ඇත. යහපත් ගම් වාසීන්ගේ සිට ආශ්‍රමයේ වෙසෙන සිල් ඇත්තන් ගැන පමනක් නොව ඈත ගැබුරු වනගැහැබෙන් ඉදහිටක මෙහි එන උසස් සිල් ඇත්තන් ගැන පවා මට ඔබට සටහන් කල හැක. නගර මධ්‍යයේ පිහිටි දහම පැහැදිලි කරගන්නට උදව්වන ස්ථානවල සිට ලොකය පුරා පිහිටි විවිධ ආශ්‍රම වලට සපේක්ශව මෙහි සැගව ඇති අපූර්ව බොහෝ දේමට පැහැදිලි කල හැකිවනු ඇත. මට පැහැදිලි කල නොහැකි එකම දෙය නම් මම කවුද යන්න පමනි. මෙතැන ඇති අවටීනම කාරනාව එය යැයි මම සිතමි.

Home

හැට වන කොටස

“අපි දන්නවා සමාජ ගත වීම තමයි මිනිස් කථන්දරයේ මධ්‍ය ලක්ෂය වෙන්නේ කියලා. මිහිපිට වූ වඩාත් රෞද්‍රතම සත්වයා මෙන්ම වේගවත්ම සත්වයාද නොවුනු ඔහු තම මූලික පරිසර අරගලයෙන් මිදී තම පරිසරයේ ආධිපත්‍ය ලබා ගන්නේ සමාජ ගත වීම තුලයි. සමාජගත වීමේ මූලිකව කොන්දේසිය තමයි පැහැදිලි සංනිවේදනය. මතය කොතරම් ප්‍රාථමික වූවද තීරනාත්මක වුවද පැහැදිලිව සංනිවේදනය වීම ඉතා වැදගත් බව අප තේරුම් ගෙන බොහෝ කල් හා ඒ දිගු කාලය ඔස්සේ ඉන් ලබා ඇති ප්‍රථිපල ඉමහත් බව පැහැදිලියි. අදද ඉතා ආවේගශීලී මතයක් ඔස්සේ සමාජය යලි වනගත කරන්නට පවා මේ බව භාවිතාකරන කොටස් සමාජය තුලදීම අපට දැකිය හැකියි. මෙහිදී හමුවන මීලගම භ්‍යානක කාරනයක් තමයි මේ සංනිවේදනයයම තාක්ශනයක් බවට පත්කොට ගෙන පෙර කී මූලික සද් අරමුනු වලින් තොරව හිතාමතාම එය අවභාවිතාවට තැත් කිරීම. සමාජජාලා හදාරන්නන් පවසන ප්‍රධාන කාරනාවක් තමයි එහි භාවිතාකරන්නන් කාලයකදී එහි වන තම නියෝජනයට වඩා කෘතීම තැනකට යන්නට උත්සාහ කිරීම. තත්වය වඩාත් බැරෑරුම් වන්නේ ප්‍රාථමික ස්වභාවයේ සමාජයකදී අධිතාක්ශනික පසුමිමක් සමග පවා හුවමාරු වන්නේ බොහොම මූලික ස්වභාවයේ අවේගශීලී ප්‍රාථමික ස්වභාවයන් වීමයි. වෙනස්ම ස්වරූපයේ උදහරනයකින් තත්වය පැහැදිලි කරන්නේ නම් “බිට්කොයින්” නිර්මානය වන්නේ වඩාත් වේගවත්ව හා සුරක්ෂිත මුදල් වටිනාකම් හුවමරුවක් සදහායි. එහෙත් අද මේ පහසුව සයිබර් පහර දෙන්නෙන්ගේ සුවපහසු භාවිතාවක් කරගෙන තිබෙනවා” හොඳයි… සරලව පවසන්නේ නම් දියුනු තාක්ශනික පරිසරය ඉල්ලා සිටින දියුනු ජීවිත ආකෘති නොපැමිනීම සංකීර්න ගැටලුවක් පමනක් නොව භ්‍යානක තත්වයක්….
බොහෝ බුද්ධිමතුන් අතින් සැකසෙන වැඩසටහන් වලදී සිදුවන දුර්වලතාවයක් ඉක්මවා යන්නට මෙම සැඩසටහන තුලදී අවශ්‍යව ඇති බවක් ප්‍රකට වෙමින් තිබේ. තාක්ශනයට අදාල ආචාරධර්ම ද පැහැදිලිව නොපැමිනීම ගැටලුව්ක බව බොහෝ සමාජ වටපිටාවලදි බහුලව අත්විඳින්නකි. “හුඳු කරුනු පමනක් නොවේ, ඒවා භාවිතාවන සමාජය සමග සැසදීමට කල්පනා නොකිරීම බරපතල ගැටලුවක් ලෙසට මිනිසුන් අත්විඳිමින් තිබේ.
– siriwansa

මෙහි සිදුවන ජීව-සමාජ පරිනාමය හරිම විසිතුරුයි -Tharu Minisa|-

ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.
-siriwansa