Back to Top

Category Archives: Social

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “ 2

සමාජවාදය, ධනවාදය වැනි න්‍යායය අද වන කොට භාවිතා කරන්නට ඇති උපකරන මිසක පූජනීය කාරනා නොවෙයි. මම හිතනවා ඔනෑම සාර්ථක රකදී මේවා අවස්ථානකූලව ප්‍රායෝගිකව භාවිතා වෙනවා. නමුත් ලංකාවේදී තවමත් මෙවා දෙස බලන්නේ පූජනීය ලෙසටයි. ඉතින් ඒවා භාවිතාකරනවා වෙනුවට ඒවාට රටවැසියන්ව පාලනය කරන්නට ඉඩ හරිනවා. අවසානය බොහෝ විට හරිම ශෝචනීයයි. ඒවා යේ භාවිතාවේ ඇති දුර්වලකම විසින් නැවත නැවතත් රට ආර්ථෛක, දේශපාලනිකව පමන්ක් නොව සංස්කෘතිකවත් එකතැන කැරකෙන බවට පත්කරලා. ඉතින් කලකට වරක් නෙක මුහුනු වරින් එන සමූල ඝාතනය වැනි ම්ලේඡ්චත්වයන් රටේ නිවාර්ය ඉරනම බවට පත්වේලා.
ලංකාව කියන්නේ වැඩවසම් මාදිලියෙන් අනතුරුව යටත්විජිත බලහත්කාර සංශෝදන වලින් තෙම්පරාදු වුන රටක්. අපි ක්‍රමානුකූල ලෙසට සලකන එකම ක්‍රමයකින් වත් අත්පත් කරගත් හෝ සාර්ථකව ඇතුලු වුන දේශපාලනයක් නැහැ. ගෝත්‍රික ඇර්ථවල සිට අතිශය දියුනු ලිබරල් දක්වා සියළු දේශපාලනික “මෝස්තර” භාවිතාකරමින් සිටිනවා. හැබැයි කාගෙන් හරි විමසුවොත් උත්තර ලැබෙන්නේ ඒවායේ න්‍යායාචාර්ය වරුන්ටත් යලිත් ඉගන ගන්නට වෙන තරම් සංකීර්න අර්ථ්වලින්. ඒත් ප්‍රායෝගිකව අමාරුවෙන් සවිංඥානිකව නඩත්තු කරගෙන සිටින වටිනාකම් චුට්ටි නින්දකින් පවා කැඩී සැබෑ නොදියුනු අර්ථවලට යැවෙන්නේ ක්ශනයකින්. කොටින්ම අපිට දියුනු දේශපාලනය යනු “මෝස්තරයක්” පමනයි.
– Pubudu Siriwansa

සමජජාලා පහසුව අර්බුධයක් කරගැනීම….

සිංහල බෞද්ධ ආකෘතිය තුලදී සමාජීය මාධ්‍ය භාවිතාව විදිමත්ව හමුවීම ගමේ පංසලේ බණ මඩුවේදී යැයි හඳුනා ගන්නේ නම්, අද වන විට පැමින ඇති දුර බොහෝය. එය මුද්‍රන හැකියාවෙන් ඉලෙක්ට්‍රොනිකව ශ්‍රව්‍ය ඉම පසුකරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය බව අධිත්වරනය කර ඇත්තේ වර්චුවල් ඉමක්ද නිර්මාණය කරමිනි. අන්තර්ජාලය මේ ගලායාමට මැදිහත් වන්නේ වඩාත් සංකීර්න ආකාරයකටය. එය රූපවාහිනිය ප්‍රමුක යුගයේ දක්වා වූ සමහර සාම්ප්‍රධායන්ද අභියෝගයට ලක්කර ඇත්තේ සියල්ල කනපිට වනද අයුරිනි. මාධ්‍ය කරුවා හා මාධ්‍ය පරිශීලනය කරන්නාගේ භූමිකාවද මේ නව යුගයේදී උඩු යටිකුරු වෙයි. “සියල්ලෝටම අවශ්‍ය විටකදී මාධ්‍ය කරුවන්ද වීමට හැකි අතර සියල්ලන්ටම පරිශීලකයින් වීමටද අවකශ ගෙනෙයි”.
සමාජජාලා යුගය අර්බුධ රාශියක් නිර්මාණය කර ඇත. මාධ්‍යකරනයට ලයිසනයක් අනවශ්‍ය වීම පමනකින් එය අවසන් වන්නේ නැත.විධිමත් බවේ සිට තමන්ට හුරු අවිධිමත් බව දක්වා වන ඔනෑම වටපිටාවක් නියෝජනය කරමින් හිතුමතේ භාවිතාකරන්නන් හැසිරෙන්නට පටන් ගැනීම සිදුවේ. අවිධිමත් භාෂාවේ සිට චලන සටහන් දක්වා ඔහුට දිගුවන්නට හැක. සාම්ප්‍රධායික සමජ මනස නව තත්වය තුලදී අර්බුධකාරී වන්නේ අසීමිතව විය හැක. විශාල ගැ‍ටුම් , සමාජ පිපිරීම් එය නිර්මාණය කිරීම සුලබ අත්දැකීමක් වෙමින් ඇත.
මේ නව මාධ්‍ය යුගය භාවිතාව තෙයාකාරයකට කොටස් කරගත හැක. විධිමත්ව හෝ අවිධිමත් ආකාරයට තම සැබෑ මතය ඉදිරිපත්කරන්නන් බොහෝය. ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජීය මට්ටමේ අදහස් උදහස් නිදහසේ මේ අවකාශය වෙත මුදාහරී. මෙය ධනාත්මක කාරනවක් ලෙසට දියුනු සමාජයකදී භාවිතා කරගන්නටද අවස්ථාවක් ලැබෙයි. තවත් කොටසක් පුද්ගල මට්ටමේ සිට කන්ඩායම් මට්ටමින් ව්‍යාධීතත්වයන්ද සමාජ ගත කරන්නට පෙලබේ. සාමන්‍ය සමාජය මත වන සායනික අර්ථ ඉතා පහල වන වන විට පෙරීමකින් තොරව මේවා විටක අකර්ෂනීය බවකින් ගලායන්නට පටන් ගනී. අවසානයේ කොතැනින් හෝ නැංවෙන ගිනි පුළිගුව සමාජ ව්‍යසනයක් නිර්මානය වීම දක්වාම දිගුවෙයි. අවසාන කොටස හුදු අනුකරනයට නැතිනම් මෝස්තරයට පහසුවෙන් පැමිනෙන්නන්ය. ඔවුනට අර්ථ පිලිබඳව එතරම් වැදගත් කමක් නොවන අතර හුදු අනුකරනය ඔස්සේ විටක මහා ව්‍යාධියේ කොටස් කරුවන් වේ.
දියුනු සමාජයකදී නම් සංවේධීව සිටිමින් සමාජය මත අවධිවන නව භාවිතාවන් සමගම හැදෑරීම් කරමින් හානිකර ප්‍රවනතා පාලනයට කටයුතු කරයි.
– Pubudu Siriwansa

ග්‍රාම නිලධාරී තනතුර හා එහි විකාශය -1

මහාවංශයේ තොරතුරු වලට අනූව විජයාගමනයත් සමගින් මෙරටේ මහවැලි ගඟ ආශ්‍රිතව අර්ය ජනාවාස ඇති විය. මෙම ජනාවාස “ගම” නමින් හැඳින්වූ අතර ගම්ප්‍රධානියා ලෙස සැලකූ අයගේ නමින් එම ගම නම් කරතිබූ බවද පෙනේ. රජුගේ පාලනය ව්‍යාප්තවීමත් සමග රජුයටතේ පැවති ගම්මාන වල ආරක්ෂාව, යුත්තිය පසඳලීම,ආදායම් එකතු කිරීම, පොදු හා අගමික කටයුතු පවත්වාගෙන යෑම මෙන්ම රජුගේ යුධ හමුදාවට අවශ්‍ය භටයන් ලබාදීම ගම්ප්‍රධානියාට පැවරී තිබූ බව පෙනේ. ඒ අනූව “ගම් ප්‍රධානී” තනතුර ඈත ඉතිහාසය දක්වාම පැවති බව කිව හැකිය. පසුකාලීනව “ගමරී” , “දකපති”, “භෝජක්‍යතිකාර”, “පරුමක”, “ගාපිණි”, “ගටික”, ග්‍රාමභෝජක”, “ගාමිණී”, “ගම්ලද්දා”, “ගම්රාල”, “ගමරාල”, “රාල”, “ආරච්චිරාල”, “ආරච්චිල”, “ගම්මුලාදෑනි”, “ග්‍රාමසේවක”, “රාලහාමි”, “ග්‍රාමසේවා නිළධාරී”, “ග්‍රාමනිලධාරී” යන නම් වලින් හැදින්වූයේ මෙම ගම් ප්‍රධානීන්ගේ තනතුරු නාම වේ. කලින් කලට මෙම “ගම් ප්‍රධානී” ගේ බලතල අඩු වැඩි වෙමින් රජුගේ හෝ රජයේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙසින් විකාශයට පත්වූ බවද ඓතිහාසික තොරතුරු වලින් සනාත වේ,
— පොතපත ඇසුරිනි.

රට අසරණ වීම….

රටක පලනය රජෙකුගෙන් රජයකට මාරුවීම ප්‍රායෝගික කියවීමකදී වසඟයෙන් තර්කයට මරුවීම ලෙසට වටහා ගත හැක. මෙවන් පරිවර්ථනයකින් අනතුරුව තව දුරටත් පුරවැසියෙකුට පෙරදී මෙන් වඩාත් වසඟකරවන ආමන්ත්‍රනයේ සිට සංකේතීය ගරුබුහුමන් දක්වා අවකාශය අනවශ්‍ය වීම පෙර කී පරිවර්ථනයේ සාර්ථක බව පෙන්වන්නකි. ගරුකල මුත් එය වසඟය දක්වා දිගුවීම නව ප්‍රසූතිය පෙකිනි වැල ද සමග ජීවත් වන්නට උත්සාහ කිරීම වැන්නකි. යටත්විජිතකරනයේ සංස්කරනයෙන් පසුව සමහර රටවල් නව සංස්කරනය සමග සිටින්නද, තව ත් රටවල් වැඩි පැවැත්මේ කොටසක් ලෙසට පෙර සංස්කරනයට ආපසු යන්නටත් සමත් වූ අතර අප අසමබර ද්වීකරනයක සිරකරුවන් ව සිටින බව පැහැදිලිය, භෞතිකව අපගේ මංමාවත් වලින් බරකරත්තය ඉවත්කර දියුනු නවීන වාහන වලට යාමට හැකි වුවද මානසික තලයේදී දියුනු නව සම්ප්‍රධායන් වෙතට සාර්ථකව පිවිසෙන්නට හෝ සෙසු නවීන වටපීටාව හා සැසදෙන විකල්ප නිර්මාණය කරගන්නට අසමත්ව සිටිමු. රටවැසියාගේ සිට රටේ නායකත්ව්ය දක්වාම මේ අර්බුදයෙන් පීඩවට පත්ව සිටීම අප පැහැදිලි කරගත යුතු කාරනාවකි.
– Pubudu Siriwansa

අප යුග අන්තරයක් පසුකරමින් සිටින්නෝ වෙමු

එය මදක් වෙහෙසකාරී කාරනාවක් බව සැබෑමුත් කාලය හා දුර සංකල්පයන් තීරනාත්මක නොවන සාධකයක් ලෙස ගනන් ගැනෙන මීලග මිනිස් යුගයේ පෙර ගමන් කරුවන් වීමේ වාසනාව ලද්දෝ වෙමු. ලෝක ව්‍යාප්ත ජාලය මෙම ක්‍රියාවලිය දෙයක් ලෙස හදුනා ගත්විට දී ඇති නාමයවේ. මීට වසර 25කට පමන පෙර “.කොම්” ලෙස ලෝකයේ ප්‍රතම පෞද්ගලික ආයතන අන්තර්ජාලය තුල ස්ථාන ගත වන විට නොසිතූ තරමේ සාර්ථකතවයක් අද වනවිට අත්පත් කරගෙන ඇත. අදවන විට ඩොමේනයන් මිලියන 200 කට වඩා අන්තර්ජාලයතුල ස්ථානගත වීමෙන්ම එය සනාතවේ.
අන්තර්ජාලය සංනිවේදනය උඩු යටිකුරු කර ඇත. පුවත් ප්‍රචාරනය , වෙළද කටයුතු, තම සාම්ප්‍රධායික සීමා ඉක්මවා යන්නේ හදිසියේම ත‍ටු ලැබුනාක් මෙනි. පැරනි සම්ප්‍රධායික පුවත් ගලන වේගය මත තම ස්ථාවරයන් සකසාගෙන සිටි බොහෝ නායකයින් තම පරම හතුරා ලෙස අන්තර්ජාලය දෙස බලන්නට පුරුදු වී ඇත්තේ මේ නිසා විය යුතුය. පසුගිය කාලයතුල ලොව විවිධ දෙසින් වාර්ථා වූ සමාජ සෙලවීම් වලදී සමාජ ජාලා ප්‍රමුඛ භූමිකාවක් නිරූපනය වනු දැකිය හැකි විය.
– Pubudu Siriwansa

ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට…

බොහෝ අයවලුන්ට වසර 5600 කාලයක් ලැබුනද කරන්නට තබා සිතන්නටත් නොහැකි තරමේ සොදුරු දායාදයන් කිහිපයක්ම ලෝකයට උරුමකල ඔහු වසර 56ක කෙටි ජීවන සංචාරය පසුගියදාක අවසන් කලාය. ඇපල් ආයතනයේ නිර්මාතෘතුමන් හට තම ගෞරවය පලකරමින් ලොව සිවු දෙසින් ඩිජිටල් පනිවිඩ මිලියනයකට වඩා තමන් වෙත ලැබී ඇති බවටයි ආයතනය පවසන්නේ. සියලුම ඇපල් හා සම්බන්දිත ආයතන පසුගියදා පැය කිහිපයකට වසා දමමින් එවායේ සියලුම සේවකයින්ට එතුමන්හට ගෞරවකරන්නට අවස්තාව සැලසූ බවටත් පුවත් පලවෙනවා. එතුමන්ගේ ජීවිත කාර්ය අගයමින් එන් අයෙක් යොමුකර තිබූ පනිවිඩයකින් කියවුනේ, ” ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය.එය සජීවි අංගයක් බවට පත්කර අපගේ එදිනෙදා ජීවිතවලට එකතුකලාය…” වැනි තේරුමකි.
– Pubudu Siriwansa

පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා…

සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට පසුකාලීනව එකගවූවේ මිනිස් විවිධත්වය විචිත්‍ර ශිෂ්ථාචාර නිර්මානය වීමේ පදනම බව වටහා ගැනීමත් සමගය. ලෝකය පුරා ස්ථාන පහක පමන පිහිටා ඇති විසල් දත්ත ගබඩා වල මෙම මිනිස් දත්ත පිටපත් තැන්පත් කර තැබුවේ එහි හිමිකරුගේ සම්පූර්න නෛතික හා සදාචාරත්මක අයිතියට යටත්වය.ලෝකයේම මිනිස්ශ්‍රම අවශ්‍යතාවෙන් අතිමහත් ප්‍රතිශතයක්ම ස්වංක්‍රීය උපකරන වලට භාරවීමත් සමග පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය.
– Pubudu Siriwansa

“දත්ත මිනිසා” – ප්‍රාදේශීය සංස්කෘතීන් ඉක්මවා යාම –

සරල අවධානය යොමුකර ගන්නා හඩක් සමග ටීටාව පවසා සිටියේ ඉදිරි හෝරාව අවසනයේ ආරම්භක දේශනයට සුදානම්ව සිටිය යුතු බවයි.පාසැල් කාලය නිවෙස් ආදී යන්ගේ තොරතුරු හුවමාරු කරගනිමින් අප සිව්දෙන පසකින් පිහිටි විශාල තුරු ගොමුවක සෙවනේ ඉදිකර තිබූ රවුම් හැඩැති මේසයක් වටා අසුන් ගතිමු.ඉතා කුලුපග අයුරින් අප එකිනෙකා අදහස් හුවමාරු කර ගනිමුන් සිටින අතර තුර එක් වරම ඉන්දියානු මිතුරිය අපූරු සමාජ පරිනාමයක් දෙසට අප අවධානය යොමු කලාය.”දන්නවද, මගේ සීයා නිතරම කියන කාරනයක් තමා මිනිහෙක් හදුනා ගන්න දවස් ගනනාවක් වත් යනවායි කියන එක.ඒක සමහර විට අපේ අතීතයෙන් පැවත ගෙන එනස්වභාවයක් වෙන්නට ඇති. ආගන්තුකයෙක් ඉදිරියේ මුලින්ම පරිස්සම් සහගතව හැසිරීම තමයි හරි කියලා එයා තාමත් කියන්නේ.ටීටාව සමාජ භාවිතාවට එන්නට පටන් ගත්කාලේ එයට විරුද්දව සටන් කරපු පරපුරේ කෙනෙක් එයා. අපේ ගෙදර ඔක්කෝම ඉන්න දවස් වල හැන්දෑවේ තේ එක අපි බොන්නේ ගෙවත්තේ තියෙන මෙසේ වටේ ඉදගෙන.දවසක් අපේ තාත්තා කිව්වා, සංස්කෘතිය , සම්ප්‍රධාය වගේ කඩතුරාවලින් වහගෙන අත් හැරිය යුතු ගොඩක් මිනිස් ස්වභාවයන් ‍රැක ගන්නට උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලා.එයා කියනවා ටීටාව සමග අපි පෘතුවි වැසියන් වීම වලක්වන්නට උත්සාහ නොකල යුතු බව.එදා එයා අපිට පැහැදිලි කරලා දුන්නා ටීටාව හරිම අපක්ශපාතී විදිහට විවිධ සංස්කෘතීන් හරහා යමින් මිනිසාගේ කායික හා මානසික යහපැවැත්ම පෘතුවි තලයේ යහ පැවැත්ම මුල්ම ප්‍රමිතිය ලෙස සලකමින් තම සයිබර් මිනිස් අවකාශය නිර්මානය කර ගෙන තියෙන ආකරය.සීයට කොයි තරම් තරහ ගියාද කියනව නම් එයා නැගිට්ටේ අපේ තේ මේසෙත් පෙරලා ගෙන….” අප සියල්ලන්ට සිනාව වලකා ගත නොහැකි විය.
Pubudu Siriwansa

Facebook.com වල ‘Today In’ අංගය…..

Facebook.com පවසන්නේ තමන්ගේ නව අංගයක් ‘Today In’ ලෙසට US වල තොරාගත් නගර 6 කින් අත්හදා බලන්නට කටයුතු ඇරබූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම නව අංගය සමග භාවිතාකරන්නන්ගේ community අතර පහසුවෙන් news සහ information බෙදා හදා ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි. පි‍ටුවේ නවම අංගයක් ලෙසට සැලසුම් වන මෙහිදී භාවිතාකරන්නෙකු ගේ geographic area අනූව එම තොරතුරු වල ප්‍රමුකතවය හදුනාගෙන අනෙකුත් භාවිතාකරන්නන් සමග බෙදා හදා ගැනීම ඔස්සේ භාවිතාකරන්නන් වඩාත් තම අවකාශය වෙතට සමීප කරවා ගන්නට කටයුතු කරන බවක් පෙනෙන අතර හුදු මිතුරු මිතුරි ඇසුර ඉක්මවන දෛනික ජීවිතය හා බැ‍ඳෙන විසල් තොරතුරු වපසරියක් ආවරනය කර ගැනීමේ නව සැලසුමක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙනවා.
Pubudu Siriwansa