Back to Top

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව..

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක අද වන විට නින්දෙන් අවධිවන මොහොතේ සිට නිදි යහනට පිවිසුම දක්වාම නිරන්තර අවධානයක් ලබ ගන්නා නෙක ආකාර ගත් පරිගණක හැකියාවාවන් ගෙන් සමන්විතව පැමින ඇත. තොරතුරු ගබඩා කරගෙන සිටින්නා නැතිනම් තොරතුරු සකසා දෙන්න්නාගේ චරිතය එහි ප්‍රධාන භූමිකාව ව තිබූ කාලයේ සිට ඔබටත් පෙර ඔබේ අවශ්‍යතාවය හඳුනාගන්නාගේ සිට ජීවිතය අවට සියලු කාරනාවලදී සහය වන්නාගේ භූමිකාව දක්වා වූ වර්ධනය එලබෙන දශක කිහිපයකදී ඔබගේ සිරුරේ කොටස් බවට පත්වීම අනිවාර්ය වෙමින් තිබේ.

තාක්ෂනික යුගය වර්ණවත් වන්නේ මනසද තාක්ෂනික වෙමින් පැමිනෙන්නට ඇඟිලි ගනිමින් සිටින නිසාවෙනි. එය අධිතක්සේරු ගත වන්නේ “ඔබේ” “ඔබ” බව පිටපත් කරන්නට හා නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පමනක් නොව එලබෙන දිනකදී “ඔබටත්” වඩා වන “ඔබව” නිර්මාණය කරන්නට දැනටමත් සුදානම් වන නියාවෙනි. “එය ඔබ සිතනා තරම් ආගන්තුක කාරනාවක් නොවනු ඇත්තේ ආගමික බව නැතිනම් දේශපාලනික බව තාක්ෂනික වීමට වඩා යමක් එහි නොවන බැවිනි”
– Pubudu Siriwansa

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. සැබෑව නම් ලමා තරුන වැඩිමහලු ඔනෑම කෙනෙක් සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයේ අතරමං කරවන්නට තරම් එයට ශක්‍යතාවයක් මුල් ස්වභාවයෙන් ලැබී ඇතුවා සේය. එක් දිසාවකින් පුපුරවමින් සිටින සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයත්, තවත් දෙසකින් වඩ වඩාත් බලත්මක වන ප්‍රාග්ධන ක්‍රියාවලියේ විසිතුරු බවත් සමස්ථ පෘතුවි සමාජයම අන්ද මන්ද කර ඇතුවා සේය. විටක එය නව ලෝක රටාවක් ලෙසට “විශ්ව ගම්මානය” තුලට අපව වඩ වඩාත් සිරකරන ගමන්ම, තව දිසාවකින් පුද්ගල අවකශය තුල ඔවුන් තව තවත් අතරමං කරවමින් සිටී. “ඔබ” ඔබම නොවන බව පවසන්නට පමනක් නොව “ඔබ” නොවන ඔබ නිර්මාණය කරන්නට දැනටමත් කටයුතු ආරම්භව ඇත. සරලව පවසන්නේ නම් ඔබ නොදන්නා ඔබේ ආශා පද්ධතිය නිර්මාණය කරන ඔවුන් සැබෑ ඔබව මුන ගස්වන වගකීම භාර ගැනීම වැඩි ඈතක නොවුනු ඇත. – Pubudu Siriwansa

windows10 මීලග හැරවුම …

ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව ලැබෙන මෙම පහසුකම් සමග එම සර්වරයන් මත වන තොරතුරු භාහිරට නිරාවරනය වීම පිලිබඳව කනස්සල්ල පලවෙමින් ඇත. කෙසේ වෙතත් windows 10 සමග පැමිනෙන ආරක්ශාව මෙන්ම සුනම්‍ය ක්‍රියාකාරීත්වයනම් ඉහලින්ම තහවුරුව ඇත්තකි. සමස්තය සරලව පවසන්නේ නම් xp වලට පසුව වඩාත් ස්ථාවර භාවිතාවක් windows 10 ලබා දෙමින් සිටී.
windows 10 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති දෙසට වන ප්‍රායෝගික ක්‍රමවේදය තීරනාත්මකව වෙනස් කර ඇත. නිරන්තරයෙන් දියුනු කිරීම් මෙන්ම වැඩි වැඩියෙන් වන අත්හදා බැලීම් වලින් එය නිරන්තරයෙන් පෝෂණය කරමින් සිටී. ඉදිරියට නියමිත windows 10 යාවත්කාලීනය තවමත් නොනිල ලෙසට ‘Spring Creators Update’ නම් දරමින් එලබෙන මසයට නියමිතව ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන අංගයන් ලෙසට Edge නව බ්‍රවුසරය සමග මෙන්ම Timeline නව අංගය සමග windows 10 භාවිතාවන උපකරන අතර පහසුවෙන් එහි භාවිත අතීතය වෙතට පිවිසීමේ හැකියාව සැලකේ. එනම් Edge බ්‍රවුසරය සමග Windows 10, iOS හා Android වැනි ඔනෑම වාතාවරනයකදී කරන කියන දෑ ටයිම් ලයිනය තුලදී නැවත පිවිසෙන්නට හැකියාත් මෙන්ම windows 10 පරිසරයකදී භාවිතාකල app සමග නැවත පිවිසීමටද හැකිවනු ඇත.
Fluent Design හැකියාව වඩාත් භාවිතා වෙමින් සුමට හා විනිවිද පෙනුමකට නව ප්‍රධාන යාවත්කාලීනය කටයුතු කරමින් සිටින අතර පැමිනෙන්නට නියමිත e-SIMs සහ Always Connected PCs සංකල්ප සමග Messaging app – Acrylic- වල දියුනු කිරීම් පැමිනෙනු ඇත. එසේම Action Center වලට නව නිවහන ලෙසට සම්බන්ද වන Cortana සමග වඩ වඩාත් භාවිතාකරන්නාට සමීප තොරතුරු එනම් ඉදිරියට නියමිත සැලසුම් ආදිය සමග කටයුතු කරන්නට සහය වන්නට සහය වනු ඇත.
– Pubudu Siriwansa

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන තරගය ඔස්සේ මෙහෙයුම් පද්ධතිවලට සිදුවිය හැකි අගතීන් මෙම නව දියුනු කිරීම් සමග පැමිනෙන ආරක්ෂක මෘදුකාංගය සමන්විත windows10 වෙතින් ලැබෙමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.
නිකුත්වන නවතම තොරතුරු වලට අනූව Windows Defender browser extension එකක් Google Chrome වෙතට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථාවන්නේ. Chrome Web Store වෙතින් ලබා ගන්නට හැකි මෙම නව නිකුතුව සමග භාවිතාකරන්නන් හට බ්‍රවුසරයක් හරහා ලැබෙන්නට ඉඩ ඇති බොහෝ හානිකර අවස්ථා මග හැරෙන බවට නිවේදනය වන අතර ඔවුන් පැහැදිලි කරන්නේ දැනට හානිකර පතුරන හා අවිස්වාශනීය URL වල දත්ත ගබඩා හා සසදමින් නිතරම භාවිතාකරන්නා හර සුරක්ෂිත බවක් ලබා දෙන්නට කටයුතු කරන අතර malicious programs ස්ථාපනය වැලකීම, phishing වැනි අවස්ථා වැලකීම ඇතුලු බොහෝ ආරක්ෂිත බවක් මෙම නව නිකුතුව ඔස්සේ ලැබෙනු ඇති බවයි.
https://chrome.google.com/webstore/detail/windows-defender-browser/bkbeeeffjjeopflfhgeknacdieedcoml
– Pubudu Siriwansa

මාදොල ගම ඓතිහාසික ගම්මානයකි.

මාදොල ගම ඓතිහාසික බෞද්ධ ගම්මානයකි. මෙය 1815 වන විට උඩරට රාජධානිය සහ ඉංග්‍රීසි ආන්ඩුවේ පරිපාලන පලාත අතර මායිමේ පිහිටි මායිම් ගම්මානයකි. උඩරට රාජධානියේ අග්‍රාමාත්‍යවරයා වූ ඇහැලේපොල මහනිලමේ සබරගමුවේ කැ‍රැල්ලක් ඇරඹූ නිසා එය මැඩලීමට මොල්ලිගොඩ නිළමේ පැමිනෙන බව දැන කැන්ඳන්ගමුවටත්, ගලපිටමඩටත්, මාරඹේ කන්ඳටත් පසු බැස අවසන ලැගුම් ගත්තේ මාදොල ගමේ මදොල විදානෙගේ නිවසේය. මාදොල ගමේ දින දෙකක් නැවතීසිටි මහනිලමේ රජුගේ හමුදාව කැන්ඳන්ගමුවට පැමිනි බව අසා 1814 මැයි 23 දින මධ්‍යම රත්‍රියේදී ගඟ තරනය කර බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශය වූ සීතාවකට පසු බැස්සේය. සීතාවක තානායමේ සිටි (දැනට උසවිය පිහිටි භූමිය) ජෝන් ඩොයිලි යාර 100ක් ඉදිරියට පැමින මහනිළමේ පිලිගත් බව තෙන්නකෝන් විමලානන්ද ශූරීන් “ශ්‍රී වික්‍රම රොබට් ග්‍රවුන්රින් සහ ඇහැලේ පොල” යන කෘතියේ සඳහන් කර ඇත.
-පොත පතින් උපුටා ගන්නා ලදී.

තාක්ෂනික දේශපාලනයේ හැඩය

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI භාවිතාවක් දක්වා එය දිගුවෙමින් ඇති අතරම අර්ධ මිනිසුන්, මිනිස් පිටපත්, මනස පිටපත් වීම වැනි තවමත් සංකල්පීය වුවත් සැලකිය යුතු විස්වාසනීය මට්ටමක වන නිර්මාණ දක්වා දිගු පරාසයකට කථාන්දරය පිවිසෙමින් ඇත.

පැමිනෙමින් ඇති නව තාක්ෂනික දේශපාලනයේ හැඩය ඇමරිකානු පසුගිය මැතිවරණයේ කල සටහන තවමත් හදාරමින් සිටින ඇත්තකි. රූපවාහිනියෙන් මිදෙන නව මාධ්‍ය යුගය මනස සමග කරන ගනුදෙනුවේ ස්වභාවය තවමත් හැදෑරීම ආරම්භ කරන තරමේ ආගන්තුක විෂයක්ව ඇත. පසුගිය කාලයේ රටේ සිදුවූ ජාතීවාදී ගැටලුවේදී සමාජජාලා සිදුකල හානිය වෙගයෙන් අවධානයට ලක්වෙමින් ඇතුවා සේම ඊට කලකට පෙර මතුවූ දරුනු ගංවතුර අවස්ථාවේදී සිදුකල සේවාව ද අපමනය. ආකෘතියල් ලෙසට මෙන්ම පහසු භාවිතාවක් ලෙසට සැලකීමේදී මිනිසුන් සතු මෙවන් පහසුකම් සලසන සේවාවක් තවමත් දැකිය නොහැකි තරම්ය.         – Pubudu Siriwansa

මිනිස් කථාන්දරය

මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි. – Pubudu Siriwansa

දැනුම තවදුරටත් අගමික නොවීම

දැනුම තවදුරටත් අගමික නොවීම නැතිනම් ගෞරවනීය නොවීම එසේත් නැතිනම් බියජනක නොවීම සේම ජීවිත පාලකනොවීමද එලබෙමින් ඇති සත්‍යයකි. මිනිස් කථාන්දරයේ මීලග හැරවුම ලෙසට සටහන් වෙමින් ඇති බුද්ධිමත් යාන්ත්‍රික බව සිරුර තුලට, සිරුර මතුපිටට පමනක් නොව ජීවිතය අවට වසා ගැනීම ඇරබීමත් සමග ක්‍රමයෙන් මිනිසා මත තවමත් වලංගු පාලක ධූරයෙන් ජීවවිද්‍යාත්මක සාධකය තක්ෂනික සාධකය සමග සම තත්වයට පැමිනීම සිදුවේ. මිනිස් වර්ගයා තම ශක්ති ප්‍රභවයන් ලෙසට වඩාත් පිරිසුදු මූලයන් දෙසට දැන් දැන් අවධානය යොමුකරමින් සිටින අතර තම අනාගත ජිවිත සාධකය අකංඩව ගලායන්නට නම් තම පරිසරය සමග අදට වඩා පුලුල් එකගතාවයක් අනිවාර්ය බවට එකග වෙමින් සිටී. ඔබ හා දෙවන ඔබ සමග වඩාත් එකග වන අනාගතය බොහෝ දෙනාගේ අතැති සරල උපාංගයක් වන ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඇරබී තිබේ.පෙර යුගයේ පාලක සාධකයන් වූ මෙහෙයුම් පද්ධති මෙන්ම මෘදුකාංග සංස්කරනයන් තව දුරටත් භාවිතාකරන්නන් බෙදා වෙන්කල හැකි සාධයක් නොවීම අනිවාර්ය අවශ්‍යතාවයන්ය. “කොපි රයිට්ස්” වැනි සංස්කෘතික සධක ඒවා පාලනයට පැමිනීම පිලිබඳව මේ වන විටත් ඉගි පලකරමින් සිටී.                  – Pubudu Siriwansa

Facebook ගැටළුව සංස්කෘතික අභියෝගකි…

විශ්වයේ ඔනැම පෙදෙසක ජීවයක් බිහිවෙලා, ඒක වර්ධනය වෙලා තම ආධිපත්‍ය ස්ථාවර වීමෙන් අනතුරුව පැමිනෙන වඩාත්ම ආකර්ශනීය මොහොත නැතිනම් හැරවුම ලෙසට තම තීරනාත්මක ගමනේ අත්පත් කරගත් හැකියාවන් යාන්ත්‍රික කර නැවත තමන් ඉදිරියට පමිනවා ගැනීම ලෙසට සිතිය හැකියි. ඒමත ස්ථාරවර වන කාලයකින් පසුව උදා වෙන්නේ නැවත සංක්‍රාන්ති සමයක් බවට දැනටමත් බොහෝ පිලිගැනීම් පලවෙමින් තිබෙනවා. එහිදී එම වර්ගයාගේ ජීවිතයයට එකතුවන කායික මනසික විවේකය සහයනයක් බවට පත්ව ඔවුන්ගේ ඊලග සීමාව ඉක්මවීමට යොමුවේවිද නැතිනම් අසහයක් බවට පත්ව එම වර්ගයාගේ පැවත්ම වඩාත් අර්බුධයට යාවිද යන්න මීලග කඬුල්ල වේවි. ඔවුනගේ සංස්කෘතික අර්ථ වලට නව විමසුමක් වුවමනා බව දැනටමත් අප හඳුනා ගනිමින් සිටිනවා. තාක්ෂනික කේද්‍රයේ මෙන්ම පරිධියේත් එකවර සමාජජාලා භාවිතයට නැවත විමසුමට ලක් කරන්නට වීම සරල උදා හරනයක්. ඇත්තටම මේක තාක්ෂනික ප්‍රෂ්නයකට වඩා සංස්කෘතික ගැටලුවක් විය යුතුය.      – Pubudu Siriwansa

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa